ස්වප්න අනන්‌තේ.. හිඳිනා මිහිරාවි මගේ..

Swapna Ananthe Hidina Sansarayak Tharam

nadeemal perera
ස්වප්න අනන්‌තේ.. හිඳිනා මිහිරාවි මගේ.. Lyrics

(හේ ඒ හේ.. හ්ම්..)

ස්වප්න අනන්‌තේ.. හිඳිනා මිහිරාවි මගේ..
හද ගැඹුරේ සරණා.. පෙම්‌ හුස්මයි ඔබ මාගේ..
සංසාරයක්‌ තරම්.. දිගයි.. අපෙ ආදරේ..
හෝ.. සංසාරයක්‌ තරම්.. දිගයි.. අපෙ ආදරේ..

නොරස්සුම්‌ සුසුම්‌... උතුරනා ආඩම්බරී..
සියුම්‌ තැන්‌ පවා.. ඇවිලුවා හදවතේ..
ඇස්‌ හැප්පිලා.. ඉහිරුණේ ආදරේ..
සංසාරයක්‌ තරම්.. දිගයි.. අපෙ ආදරේ..
හෝ.. සංසාරයක්‌ තරම්.. දිගයි.. අපෙ ආදරේ..

(නර රාරා රා ඔ ඕ ඕ..
ම්හ්‌ ම්හ්...)

හැඟුම්‌ අනන්තෙක.. ගුලි වි පපුතුරේ..
ආදරෙන්‌ ළංවෙලා.. සිපගත්‌ මොහොතතේ..
කල්ප අනන්තෙට.. විහිදුනා ආදරේ..
සංසාරයක්‌ තරම්.. දිගයි.. අපෙ ආදරේ..
හෝ.. සංසාරයක්‌ තරම්.. දිගයි.. අපෙ ආදරේ..

හෝ හෝ.. හොඕඔ ඕ..
හෝ හෝ.. හොඕඔ ඕ.. අපේ ආදරේ...

Video thumbnail