බැස යන සඳ දෑසින්‌ නවතාලන්නට බෑ..

Basa Yana Sanda Dasin

namal udugama
බැස යන සඳ දෑසින්‌ නවතාලන්නට බෑ.. Lyrics

බැස යන සඳ දෑසින්‌ නවතාලන්නට බෑ..
පරවෙන මල දෝතින්‌ වළකාලන්නට බෑ..
ඔබ බැස යන සඳ නම්...
ඔබ පරවෙන මල නම්‌..
රැක ගනිමිද කෙලෙසින්‌..

බැස යන සඳ දෑසින්‌ නවතාලන්නට බෑ..
පරවෙන මල දෝතින්‌ වළකාලන්නට බෑ..
ඔබ බැස යන සඳ නම්...
ඔබ පරවෙන මල නම්‌..
රැක ගනිමිද කෙලෙසින්‌..

නන්නාඳුනන දෙසින ගිමනට සිසිල රැගෙන
අවුදින්‌ සිරුරේ දැවටී..
පවනැල්‌ රහසේ හැර යයි...
ඔබ ඒ සුළඟ වගේ නම්‌
රඳවාගන්නද කෙලෙසින්‌

ඔබ ඒ සුළඟ වගේ නම්
රඳවාගන්නද කෙලෙසින්‌

බැස යන සඳ දෑසින්‌ නවතාලන්නට බෑ..
පරවෙන මල දෝතින්‌ වළකාලන්නට බෑ..
ඔබ බැස යන සඳ නම්...
ඔබ පරවෙන මල නම්‌..
රැක ගනිමිද කෙලෙසින්‌..

මන්දාකිණිය ගලන නිසසල රැයක මැවෙන
තරුමල්‌ අඹරේ හිනැහී..
මැදියම්‌ අඳුරේ සැඟවෙයි
ඔබ ඒ අහස වගේ නම්
හඳුනාගන්නද කෙලෙසින්‌

ඔබ ඒ අහස වගේ නම්‌
හඳුනාගන්නද කෙලෙසින්‌

බැස යන සඳ දෑසින්‌ නවතාලන්නට බෑ..
පරවෙන මල දෝතින්‌ වළකාලන්නට බෑ..
ඔබ බැස යන සඳ නම්...
ඔබ පරවෙන මල නම්‌..
රැක ගනිමිද කෙලෙසින්‌..

Video thumbnail