මලක් වගේ බලන්නකෝ මා දිහා
සඳක් වගෙයි දිලෙන්නකෝ රෑ පුරා
පෙමක් නිසා විඳින්නෙපා වේදනා
අලුත් වසන්තයක් ඇවිල්ලා ගියා
මල මිලාන වේදෝ.. සිත හඬා වැටෙයිදෝ
මල මිලාන වේදෝ.. සිත හඬා වැටෙයිදෝ...
ඇලේ දොලේ විලේ රිදී සිනා නැගෙයිදෝ
සරුංගලේ නිලම්බරේ ඇදී ගියාදෝ
පියුම් ගෙනා කුරුල්ලනුත් ගමෙන් ගියාදෝ
පෙමින් උපන් කතන්දරේ නිමා උනාදෝ
හද පතා හිළියිදෝ.. ඔබ මගේම නේදෝ
හද පතා හිළියිදෝ.. ඔබ මගේම නේදෝ
මලක් වගේ බලන්නකෝ මා දිහා
සඳක් වගෙයි දිලෙන්නකෝ රෑ පුරා
පෙමක් නිසා විඳින්නෙපා වේදනා
අලුත් වසන්තයක් ඇවිල්ලා ගියා
මල මිලාන වේදෝ.. සිත හඬා වැටෙයිදෝ
මල මිලාන වේදෝ.. සිත හඬා වැටෙයිදෝ
සැඳෑ වලා පෙළින් පෙළේ මුවා උනාදෝ
සුරංගනා කතා අසා මුලා වුණාදෝ
ගමින් එහා රටින් එහා පලා ගියාදෝ
නෙළුම් මලේ අනේ ඔයා කොහේ ගියාදෝ
මල නෙලා ගනියිදෝ... පරවෙලා ගියාදෝ..
මල නෙලා ගනියිදෝ... පරවෙලා ගියාදෝ..
මලක් වගේ බලන්නකෝ මා දිහා
සඳක් වගෙයි දිලෙන්නකෝ රෑ පුරා
පෙමක් නිසා විඳින්නෙපා වේදනා
අලුත් වසන්තයක් ඇවිල්ලා ගියා
මල මිලාන වේදෝ.. සිත හඬා වැටෙයිදෝ..
මල මිලාන වේදෝ.. සිත හඬා වැටෙයිදෝ..