නුවර වැවට හාදු දිදී
මානෙල් මල් පිපුණු තරම්..
සොඳුරු සිතට රුවැත්තියේ
නුඹ එනවද හාදු අරන්
මැදියම් රෑ ගිනියම් සඳට.....
සිසිල වෙන්න තාරකා ඉතින්
සිසිල වෙන්න තාරකා ඉතින්
උඳුපියලිය ළා තණ නිල්ල..
සෙවණ සදන උණ බට පඳුර
අද රෑටත් ඉරබට තරුව..
පායාවිද හිතේ ඇල්මට..
මැදියම් රෑ ගිනියම් සඳට..
සිසිල වෙන්න තාරකා ඉතින්
සිසිල වෙන්න තාරකා ඉතින්
නුවර වැවට හාදු දිදී
මානෙල් මල් පිපුණු තරම්..
සොඳුරු සිතට රුවැත්තියේ
නුඹ එනවද හාදු අරන්
මැදියම් රෑ ගිනියම් සඳට..
සිසිල වෙන්න තාරකා ඉතින්
සිසිල වෙන්න තාරකා ඉතින්
හන්තානේ සුළං රැල්ලකින්..
සැන්දෑ හිරු ගලා ගිය සැණින්..
රන්දා දෙවුරේම සෙනෙහසින්...
සිපගන්නම් රෝස දෙකම්මුල්..
මැදියම් රෑ ගිනියම් සඳට..
සිසිල වෙන්න තාරකා ඉතින්
සිසිල වෙන්න තාරකා ඉතින්
නුවර වැවට හාදු දිදී
මානෙල් මල් පිපුණු තරම්..
සොඳුරු සිතට රුවැත්තියේ
නුඹ එනවද හාදු අරන්
මැදියම් රෑ ගිනියම් සඳට..
සිසිල වෙන්න තාරකා ඉතින්
සිසිල වෙන්න තාරකා ඉතින්