ජීවිතේ කවියක් Lyrics
ජීවිතේ කවියක්
ආදරේ එහි සොඳුරුතම වදනක්
කඳුළැලි බිඳක්.. හසරැලි පොදක්..
එකට එක්වූ විට දැනේ..
පෙර නොවිඳි රසයක්
පසුපසින්.. හඹා ඒන අතවර..
හැරදමා.. යා නොහැක බෝ දුර..
දුකද ඉවසා දරාගන්නට
සිතට බල කරනා..
හැඟුම් අවදිව මැවේ කවිකම
ජීවිතේ කවියක්
ආදරේ එහි සොඳුරුතම වදනක්
කඳුළැලි බිඳක්.. හසරැලි පොදක්..
එකට එක්වූ විට දැනේ..
පෙර නොවිඳි රසයක්..
සෙනෙහසින්.. රැඳි උන් එක දන..
පලා යයි.. නොකියාම ඈතට..
පවුරු පදනම් බිඳී දස අත
විසිර යන යාමේ..
කවුරු නම් ළං වේද තනියට
ජීවිතේ කවියක්
ආදරේ එහි සොඳුරුතම වදනක්
කඳුළැලි බිඳක්.. හසරැලි පොදක්..
එකට එක්වූ විට දැනේ..
පෙර නොවිඳි රසයක්....