රට කරවන්ට නම්‌ මසුරං ඇතුව කැටේ

Rata Karavanta Nam

nanda malani
රට කරවන්ට නම්‌ මසුරං ඇතුව කැටේ Lyrics

රට කරවන්ට නම්‌..
රට කරවන්ට නම්‌ මසුරං ඇතුව කැටේ
වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
අමන දනන්‌ කෑ ගැසුවත්‌ හතර වටේ
ඒවා නොව්ක්කොත්‌ අපි හැම මකර කටේ

දළදා මැදුර අධිකව මිල කල හැකිය
සිරීමහ බෝධියේ ලංසුව පැහැදිලිය
කළුගල්‌ වලට විකුණා ගෙන සිගිරිය..
සිගිරි කුරුටු ගී බයිලා කළ හැකිය

රට කරවන්ට නම්‌..
රට කරවන්ට නම්‌ මසුරං ඇතුව කැටේ
වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
අමන දනන්‌ කෑ ගැසුවත්‌ හතර වටේ
ඒවා නොව්ක්කොත්‌ අපි හැම මකර කටේ

හෝටන්‌ තැන්න දී ක්‍රීඩා පිටියකට
පවරා සිංහරාජය ලී මෝලකට
දුංහිඳ ඇල්ල හරවා ජල විදුලියට..
සමනල කන්ද බදු දෙමු හෝටලයකට

රට කරවන්ට නම්‌..
රට කරවන්ට නම්‌ මසුරං ඇතුව කැටේ
වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
අමන දනන්‌ කෑ ගැසුවත්‌ හතර වටේ
ඒවා නොව්ක්කොත්‌ අපි හැම මකර කටේ
රට කරවන්ට නම්‌

Video thumbnail