සුළං කපොල්ලේ තැනු කැදැල්ලේ Lyrics
සුළං කපොල්ලේ
තැනු කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටේ
නිල් කඳු රැල්ලේ..
සුළං කපොල්ලේ
තැනු කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටේ
නිල් කඳු රැල්ලේ....
කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී
දැන් ඔබ ළඟ සිටියි රුවක් විලස නොසල්ලී
යොදුන් ගණන් ඔබ මැ සොයා ආ සියුමැල්ලී
පිළිගනු ඈ කොහි යන්ට ද නැවත ඉගිල්ලී.....
සුළං කපොල්ලේ
තැනු කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටේ
නිල් කඳු රැල්ලේ..
ඇයට මවක් පියෙක් නොමැත ක්ෂිතිජ වළල්ලේ
කඳුළ පමණි ඇයට උරුම දවස මුළුල්ලේ
ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ
ඇයට ලැඟුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ. .
සුළං කපොල්ලේ
තැනු කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටේ
නිල් කඳු රැල්ලේ..
සුළං කපොල්ලේ
තැනු කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටේ
නිල් කඳු රැල්ලේ...