උඩඟු ලියන් ගොතා බඳින Lyrics
උඩඟු ලියන් ගොතා බඳින
නීල වරල සරසන්නට
මා පිපුණේ නැත..
මේ දෙරණේ..
උඩඟු ලියන් ගොතා බඳින
නීල වරල සරසන්නට
මා පිපුණේ නැත..
මේ දෙරණේ..
උඩඟු ලියන් ගොතා බඳින
නීල වරල සරසන්නට
මා පිපුණේ නැන..
මේ දෙරණේ..
හිස් මිනිසුන්
කුස් පුරවන
සිත් පිනවන
බස් දොඩවන
හිස් මිනිසුන්
කුස් පුරචන
සිත් පිනවන
බස් දොඩවන
බොජුන් මේස මත..
සුවඳ හලන්නට..
මා පිපුණේ නැන..
මේ දෙරණේ..
උඩඟු ලියන් ගොතා බඳින
නීල වරල සරසන්නට
මා පිපුණේ නැත..
මේ දෙරණේ..
උඩඟු ලියන් ගොතා බඳින
නීල වරල සරසන්නට
මා පිපුණේ නැන..
මේ දෙරණේ..
රට වෙනුවෙන් සටනට වැද දිවි දුන්
රණවිරුවකුගේ අවසන් ගමනට
රට වෙනුවෙන් සටනට වැද දිවි දුන්
රණවිරුවකුගේ අවසන් ගමනට
යන මහජනතා පා දුවිල්ලෙන්
යන මහජනතා පා දුවිල්ලෙන්
තැලී වෙළී සැනහී මිය යන්නෙමි..
මගේ පරම පැතුම එයයි
මගේ පරම පැතුම එයයි
මගේ පරම පැතුම එයයි
එමගට මා විසිකරන්න....