වහින්නට හැකි නම් ගිගුම් දී Lyrics
වහින්නට හැකි නම් ගිගුම් දී
වියළි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකි නම් බතක් වී
බතක් නොයිදෙන පැලක රහසින්
රැඳෙන්නට හැකි නම් ළමා කැල
හඬන දෙතොළග සිනාවක් වී
පිපෙන්නට හැකි නම් තුරන් තුර
නෙලා ගත හැකි වන මලක් වී..
වහින්නට හැකි නම් ගිගුම් දී
වියළි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකි නම් බතක් වී
බතක් නොයිදෙන පැලක රහසින්
නිදන්නට හැකි නම් දෙනෙත් තුළ
සැබෑවන සුබ සිහිනයක් වී
ගැයෙන්නට හැකි නම් දොරින් දොර
ලොවම පුබුදන ගීතයක් වී..
වහින්නට හැකි නම් ගිගුම් දී
වියළි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකි නම් බතක් වී
බතක් නොයිදෙන පැලක රහසින්...