යොවුන් වසන්තයේ. . දුහුල් වලාකුළේ.. Lyrics
යොවුන් වසන්තයේ. . දුහුල් වලාකුළේ..
යොවුන් වසන්තයේ දුහුල් වලාකුළේ..
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා..
යොවුන් වසන්තයේ. . දුහුල් වලාකුළේ..
දිලිසෙන කඳුළේ කිරණින් නෑවී..
සිඟිති ආදර දුපතක තනිවී
දිලිසෙන කඳුළේ කිරණින් නෑවී..
සිඟිති ආදර දුපතක තනිවී
ගංගාවක් සේ ගලා බසිනු මැන
ගංගාවක් සේ ගලා බසිනු මැන
නිරන්තරේ සිනා සිසී
නිරන්තරේ සිනා සිසී
යොවුන් වසන්තයේ. . දුහුල් වලාකුළේ..
හසරැලි ගවසා තුරු මුදුනේ..
කල්පනා තෝතැන්නේ
හසරැලි ගවසා තුරු මුදුනේ..
කල්පනා තෝතැන්නේ
තරු අහුරාක් සේ රෑ ඇවිළෙනු මැන
තරු අහුරාක් සේ රෑ ඇවිළෙනු මැන
අහස් ගඟේ දියඹ දිගේ
අහස් ගඟේ දියඹ දිගේ
යොවුන් වසන්තයේ. . දුහුල් වලාකුළේ..
යොවුන් වසන්තයේ දුහුල් වලාකුළේ..
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා...