හිරුට අයිති බව හිරු පවසනවා

Hiruta Aithi Bawa Hiru Pawasanawa

neela wickramasinghe
හිරුට අයිති බව හිරු පවසනවා Lyrics

හිරුට අයිති බව හිරු පවසනවා
විලට අයිති බව විල පවසනවා
බිඟුට අයිති බව බිඟු පවසනවා
නුඹ කාටද හිමි.. නෙළුම්‌ මලේ..

හිරු ආවාමලු ඔබ පිපිදෙන්නේ
විල හින්දාමලු ජීවත්‌ වන්නේ
බිඟුටලු මධු මී පුරවා දෙන්නේ
නෙළුමේ කාටද සෙනෙහේ පුදන්නේ

හිරුට අයිති බව හිරු පවසනවා
විලට අයිති බව විල පවසනවා
බිඟුට අයිති බව බිඟු පවසනවා
නුඹ කාටද හිමි.. නෙළුම්‌ මලේ...

හිරු ළඟ අහසේ රුවට පිපීයන්‌
විල් දිය තුල සැඟවි සැනහීයන්‌
ආදරයක්‌ නැති මිනිසකු දෑතට
නෙළුමේ නුඹ අසුවන්න එපා

හිරුට අයිති බව හිරු පවසනවා
විලට අයිති බව විල පවසනවා
බිඟුට අයිති බව බිඟු පවසනවා
නුඹ කාටද හිමි.. නෙළුම්‌ මලේ...

Video thumbnail