නගේ මලේ මොනවද මේ විච්චූරන නාඩගන්‌

Nage Male Monawada Me

nelu adikari
නගේ මලේ මොනවද මේ විච්චූරන නාඩගන්‌ Lyrics

නගේ මලේ මොනවද මේ විච්චූරන නාඩගන්‌
පොතපත අහකට විසිකර කරනා දඟකාර කන්‌..
කව්‌ සීපද වලින්‌ කියන සුභාෂිතේ බාල නන්‌
අහන්‌ ඉඳන් මං කියනා කපිරිඤ්ඤා තාල දැන්‌

කෝප වුවත්‌ රජ මැතිඳුන්‌ ගත නොහෙනා ධනය නන්‌
උගත මනා ශිල්පයමයි අන්න ඒක හිතට ගන්‌..
පරණ වුණත්‌ ඒ කියමන්‌ හැමදාටම රත්තරන්‌
යන යන තැන උගත්‌ වියත්‌ දරු පැටවුන්‌ ඉස්තරන්‌

නගේ මලේ මොනවද මේ විච්චූරන නාඩගන්‌
පොතපත අහකට විසිකර කරනා දඟකාර කන්‌..
කව්‌ සීපද වලින්‌ කියන සුභාෂිතේ බාල නන්‌
අහන්‌ ඉඳන් මං කියනා කපිරිඤ්ඤා තාල දැන්‌

පතේ පොතේ ලියා තිබෙන වටිනා වග වාසගන්‌
සල්ලි හොයන මල්ලිලාට අද නම් මහා කවට කන්‌..
අපේ පොතේ ඔහොම නැතේ කියපල්ලා කැමති නන්‌
අපිම දන්නේ නෑ මේ නැව අපිත්‌ එක්ක ගිලෙන කන්‌

නගේ මලේ මොනවද මේ විච්චූරන නාඩගන්‌
පොතපත අහකට විසිකර කරනා දඟකාර කන්‌..
කව්‌ සීපද වලින්‌ කියන සුභාෂිතේ බාල නන්‌
අහන්‌ ඉඳන් මං කියනා කපිරිඤ්ඤා තාල දැන්‌

Video thumbnail