සයුරේ රළ සේ.. අහසේ තරු සේ..

Sayure Rala Se Ahase Tharu Se

nelu adikari
සයුරේ රළ සේ.. අහසේ තරු සේ.. Lyrics

ආ..
ආ..
ආ..
ආ..

සයුරේ රළ සේ.. අහසේ තරු සේ..
මිතුදම්‌ පවතී.. ලොව සැමදා..

සයුරේ රළ සේ.. අහසේ තරු සේ..
මිතුදම්‌ පවතී.. ලොව සැමදා..
සත්සර නැගෙනා.. නාදය කොතැනා..
එතනයි සැමදා.. අපි සැවොමා..

සත්සරයේ සෙවණැල්ලේ
නද දෙන්නේ කොවුලන්‌ සේ
ගයනා ජය ගීයයි මේ.. හඬගා..

සත්සරයේ සෙවණැල්ලේ
නද දෙන්නේ කොවුලන්‌ සේ
ගයනා ජය ගීයයි මේ.. හඬගා..

අමරස රොන්‌ දෙන මල්‌ වෙමු අපි මල්‌ සමයේ
ගුමු ගුමු නද දෙන බමරුන්‌ අපිමයි මිතුරේ
විඳ විඳ රොන්‌ සුව තනනා තනුවයි ඇසුණේ
සත්සර මුසුකර ගයනා ගීයයි ගැයුවේ

විහඟුන්නේ ගී රාවේ.. හද ඔකඳ කළේ..
ඒ සිහිනේ.. සැබෑ වුණේ..
උන්‌ මුමුණයි.. හොර රහසේ.. මේ ගී අසමින්‌..
සියොතුන්‌ එක රෑනේ අපී..

We'll be together
Now and forever
Let's pray the we remain friend.. hey.....

නානන නා..
නානන නා..

සත්‌ සමුදුර තරණය කොට ආවයි
සත්කුළු පවු මෙන්‌ මහ වෙර දැරුවයි
සත්‌ පියුමන්‌ මෙන්‌ විකසිත වූවයි
සත්සර මෙන්‌ අප සැම එක්‌ වූවයි

නෑ නෑ වෙන්‌ වන්නේ.. හිරු සඳු ලෙස ඉන්නේ
සත්සර හඬ වැයෙනා තුරා..
තුරු මල්‌ නැලවෙන්නේ.. විහඟුන්‌ ඉගිලෙන්නේ
ගයනා මේ ගීය අසා..

We'll be together
Now and forever
Let's pray the we remain friend.. hey.....

සයුරේ රළ සේ.. අහසේ තරු සේ
මිතුදම්‌ පවතී.. ලොව සැමදා...

Video thumbnail