ගෑස් ලිපේ යකඩ තැටිය රත්වුණා
බාස් ඇවිත් වැඩේ දෙන්න සෙට් වුණා
ලූනු මිරිස් බිත්තර මස් කපාපු රොටි කෑලි
ටකට ටකට රිදම් එකට ගානට ඇදුණා
ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය
සද්ද බද්ද දාලා හැදුව මේක කොත්තු රොටිය
ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය
සද්ද බද්ද දාලා හැදුව මේක කොත්තු රොටිය
අත්ත මුත්තා කාලේ ඉඳලා තිබුනේ පොල් රොටියයි යාලු
අපි පුංචි කාලේ රස කරකර කෑවේ පැණි රොට්යයි යාලු
ඔය හැඩේට මේ අලුත් වෙලා ආවේ ගෝතම්බ රොටියලු
එත් ඔක්කොම රොටි හබක් වෙලා.. රජ කරන්නේ කොත්තු රොටියලු
ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය
සද්ද බද්ද දාලා හැදුව මේක කොත්තු රොටිය
ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය
සද්ද බද්ද දාලා හැදුව මේක කොත්තු රොටිය
සද්දේ දාලා ගොඩක් දෙනවා ඒ හින්දම කන්නෝ වැඩිලු
කාපු ගමන් බඩ පිරුණත් දිරව ගන්න ලේසිත් නෑලු
මල්ලි අනං මනං දාලා ගහන කොයි කාගෙත් තැටි වල යාලු
අද හඬ විතරයි හරයක් නෑ.. අනේ කොත්තූ රොටිය වගෙයිලු
ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය
සද්ද බද්ද දාලා හැදුව මේක කොත්තු රොටිය
ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය
සද්ද බද්ද දාලා හැදුව මේක කොත්තු රොටිය...
ගෑස් ලිපේ යකඩ තැටිය රත්වුණා
බාස් ඇ විත් වැඩේ දෙන්න සෙට් වුණා
ලූනු මිරිස් බිත්තර මස් කපාපු රොටි කෑලි
ටකට ටකට රිදම් එකට ගානට ඇදුණා
ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය
සද්ද බද්ද දාලා හැදුව මේක කොත්තු රොටිය
ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය
සද්ද බද්ද දාලා හැදුව මේක කොත්තු රොටිය...