කරුණා සුවඳ තවරාලූ Lyrics
කරුණා සුවඳ තවරාලූ .. හද පියුමේ..
මවගේ සෙනෙහසයි.. උල්පත සැනසීමේ..
දුවලා ඇවිත් පෙර ලෙස මා.. එක පිමිමේ..
අම්මා.. කියන්නේ.. කාටද අද අම්මේ....
කාටද මම අම්මේ...
ලේ කිරි කරලා මට පොවලා
මා හැදු වැඩු අම්මේ..
පුංචි කාලේ දන ගාගෙන යනකොට
නැගිටින්නට අත දුන් අම්මේ..
හොඳින් නරක දේ වෙන් කරලා
ඔවදන් දුන් අම්මේ..
මතු සංසාරේදි ඔබේම පුතු ලෙස
උපදින්නට පතනෙම් අම්මේ
කරුණා සුවඳ තවරාලූ.. හද පියුමේ..
මවගේ සෙනෙහසයි.. උල්පත සැනසීමේ..
දුවලා ඇවිත් පෙර ලෙස මා.. එක පිම්මේ..
අම්මා.. කියන්නේ.. කාටද අද අම්මේ. .
කාටද මම අම්මේ...
බඩගිනි වීලා හැඬු විටදී
මට බත් කැවු අම්මේ..
පාසැල් යවලා උගන්නලා මට
මා ලොකු මිනිසෙකු කල අම්මේ..
ආදරයෙන් මට අඬ ගහලා
පුතා කියු අම්මේ..
ඔබ මතු බුදු වී දහම් දෙසන විට
මමත් නිවන් දකිනෙමි අම්මේ...