රෝස මලකුයි.. නෙළුම් මලකුයි.. ලස්සන වෙයි..
හමන සුළඟයි.. ගීත රාවෙයි.. ඔබගෙ වගෙයි..
මගෙ කිරිල්ලී.. ගියා ඉගිල්ලී..
මං ශෝකෙමයි
රෝස මලකුයි.. නෙළුම් මලකුයි.. ලස්සන වෙයි..
හමන සුළඟයි.. ගීත රාවෙයි.. ඔබගෙ වගෙයි..
මගෙ කිරිල්ලි ඈ.. ගියා ඉගිල්ලී..
මං ශෝකෙමයි
රෝස මලකුයි.. නෙළුම් මලකුයි.. ලස්සන වෙයි..
ඉස්සර මම එනකොට ඔබ ඉඳන් මග බලා
ලස්සන ඔය ගැස්සෙන ඔබෙ අත්තටු සළලා
ආදරෙයි ආදරෙයි කිය කිය ඉඳලා
මට නොකියම ඇයි ගියෙ වනයට පියාඹලා
වනයට පියාඹලා.. වනයට පියාඹලා
ඇයි ගියෙ වනයට පියාඹලා
ලස්සනට පිපුණ වනමල් ගල් පීරන දියවැල්
මං ආස කරන මැණික් කැටේ නිල්..
දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනවා කල්
ලස්සන මගෙ කිරිල්ලි සුරතල්
සුපුන් චන්ද්‍ර දිලී අහසෙ තරු නැග එද්දී
රැල්ල පෙරළි ඇවිල්ලා සුදු වැල්ල සිඹිද්දී
සවන් පිනන මධු ගී ගුවනට එක් වෙද්දී
ඔයා ඇයි තනියම කිරිල්ලියේ කැලේකට වැදී
කැලේකට වැදී.. කැලේකට වැදී
ඇයි තනියම කැලේකට වැදී
ලස්සනට පිපුණ වනමල් ගල් පීරන දියවැල්
මං ආස කරන මැණික් කැටේ නිල්..
දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනවා කල්
ලස්සන මගෙ කිරිල්ලි සුරතල්
ඉර බැස යන්නට මත්තෙන් කූඩුව සොයලා
පෙර ඔබ එන හැටි පේනවා තාම මැවීලා
එන්න එන්න කිරිල්ලියේ වහා පියඹලා
තාමත් මගේ කූඩුව ඔබ නිසාම ඇරලා
ඔබ නිසාම ඇරිලා.. ඔබ නිසාම ඇරිලා
කූඩුව ඔබ නිසාම ඇරලා..
ලස්සනට පිපුණ වනමල් ගල් පීරන දියවැල්
මං ආස කරන මැණික් කැටේ නිල්..
දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනවා කල්
ලස්සන මගෙ කිරිල්ලි සුරතල්
ලස්සනට පිපුණ වනමල් ගල් පීරන දියවැල්
මං ආස කරන මැණික් කැටේ නිල්..
දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනවා කල්
ලස්සන මගෙ කිරිල්ලි සුරතල්......