කුක්කු කූක් කූ.. කුකුළා හඬනවා
කුරුළු කොබෙයියෝ.. ගීත ගයනවා
නිහැඬියාව දැන්.. හෙමින් මැකෙනවා
දෙගිඩියාවකින්.. අපි දිනක් ලබනවා
පත්තරවල විස්තර ගොඩ ඇස් ඇරගෙන තත්පරයට.. අපි කියවනවා
පිත්තල මොල රත් කරගෙන දුක් කරදර පැක් කරගෙන.. දවස ගෙවනවා

වැටක් ගානේ ගෙයක් ගානේ ගමක් ගානේ.. ලෙඩ මුල් පිටුවේ පුරවලා
කෑම ජාති බීම ජාති බෙහෙත් ජාති.. හිස්තැන් වලට රිංගලා
කාර් සේල් ඉඩම් සේල් මැෂින් සේල්.. අන්තිම පිටුවෙ තෙරපිලා
වීර විකුම් මාර කියුම් මැද පිටුවෙන්... රජ පුටු වලට වෙන්වෙලා
කුක්කු කූක් කූ.. කුකුළා හඬනවා
කුරුළ කොබෙයියෝ.. ගීත ගයනවා
නිහැඬියාව දැන්.. හෙමින් මැකෙනවා
දෙගිඩියාවකින්.. අපි දිනක් ලබනවා
පත්තරවල විස්තර ගොඩ ඇස් ඇරගෙන තත්පරයට.. අපි කියවනවා
පිත්තල මොල රත් කරගෙන දුක් කරදර පැක් කරගෙන.. දවස ගෙවනවා
පත්තරවල විස්තර ගොඩ ඇස් ඇරගෙන තත්පරයට.. අපි කියවනවා
පිත්තල මොල රත් කරගෙන දුක් කරදර පැක් කරගෙන.. දවස ගෙවනවා
අනඟ රැඟුම් සරණ බැඳුම් සිතුම් පැතුම්.. වෙනමම පිටක ලියවිලා
කවි පබැඳුම් බිතු සිතුවම් කලා කෙරුම්.. පිටුවක සිත පහන් කළා
යන්තරයෙන් මන්තරයෙන් සුස්තරෙන්.. කැඩිචිච දෙපල එක්කළා
ඔයින් මෙයින් දින ගෙවමින් සිහි විකලෙන්.. මිනිසුන් අතරමං වෙලා
කුක්කු කූක් කූ.. කුකුළා හඬනවා
කුරුළ කොබෙයියෝ.. ගීත ගයනවා
නිහැඬියාව දැන්.. හෙමින් මැකෙනවා
දෙගිඩියාවකින්.. අපි දිනක් ලබනවා
පත්තරවල විස්තර ගොඩ ඇස් ඇරගෙන තත්පරයට.. අපි කියවනවා
පිත්තල මොල රත් කරගෙන දුක් කරදර පැක් කරගෙන.. දවස ගෙවනවා
පත්තරවල විස්තර ගොඩ ඇස් ඇරගෙන තත්පරයට.. අපි කියවනවා
පිත්තල මොල රත් කරගෙන දුක් කරදර පැක් කරගෙන.. දවස ගෙවනවා
පත්තරවල විස්තර ගොඩ ඇස් ඇරගෙන තන්පරයට.. අපි කියවනවා

පිත්තල මොල රත් කරගෙන දුක් කරදර පැක් කරගෙන.. දවස ගෙවනවා...