දේදුන්නේ.. සත් පාට හංගලා Lyrics
දේදුන්නේ.. සත් පාට හංගලා
හිනැහෙන්නේ.. කොයි සිටද හැංගිලා
දේදුන්නේ.. සත් පාට හංගලා
හිනැහෙන්නේ.. කොයි සිටද හැංගිලා
පීදෙන්නේ.. සුවඳින්ම නෑවිලා
ඔබ නමට රොන් සදා
ඔබෙ උයනේමයි..
දේදුන්නේ.. සත් පාට හංගලා
හිනැහෙන්නේ.. කොයි සිටද හැංගිලා
රෑ සඳේ.. සිනිඳු කිරණත් එපා
ළා ඉරේ.. අරුණු දහරත් එපා
ගී සරේ.. මිහිරි පිය රැව් එපා
ජීවිතේ.. ඔබ ගෙනේ නම්..
රෑ සඳේ.. සිනිඳු කිරණත් එපා
ළා ඉරේ.. අරුණු දහරත් එපා
මාරුතේ.. සුමුදු සිහිලත් එපා
හීනයේ.. අරුම දැහැනත් එපා
පාමිණේ.. කිකිණි රසු දැල් එපා
ආදරේ.. ඔබ මැවේ නම්..
මාරුතේ.. සුමුදු සිහිලත් එපා
හීනයේ.. අරුම දැහැනත් එපා
දේදුන්නේ.. සත් පාට හංගලා
හිනැහෙන්නේ.. කොයි සිටද හැංගිලා
පීදෙන්නේ.. සුවඳින්ම නෑවිලා..
ඔබ නමට රොන් සදා
ඔබෙ උයනේමයි...