සිනා තොටක්‌ විය ඔබ පාමුල මා ලද සරදම්

Sina Thotak Wiya Oba Pamula

nirosha virajini
සිනා තොටක්‌ විය ඔබ පාමුල මා ලද සරදම් Lyrics

සිනා තොටක්‌ විය ඔබ පාමුල මා ලද සරදම්
මහෝගයක්‌ විය ඔබෙන්‌ ලැබූ අපමණ අබිමන්‌
නොහඬා ඉන්නම්‌ ගිලිහුණු දා පෙම්‌ ලොව මල්දම්..
දුටුව නිසා ආදරයේ දෙව්‌ රුව ඔබගෙන්‌ මං

සිනා තොටක්‌ විය ඔබ පාමුල මා ලද සරදම්
මහෝගයක්‌ විය ඔබෙන්‌ ලැබූ අපමණ අබිමන්‌
නොහඬා ඉන්නම්‌ ගිලිහුණු දා පෙම්‌ ලොව මල්දම්..
දුටුව නිසා ආදරයේ දෙව්‌ රුව ඔබගෙන්‌ මං

බෝසත්‌ ඔබ සිත ළඟ උවැසිය වී දැහැනට වී..
සිටියා මිස නොදනිමි කොහි සිටියාදැයි මලවී..
පුදසුන්‌ මත මිය යද්දී සහසක්‌ මල්‌ පරවී..
නොපිදු මල තවමත්‌ ඇත ඔබ ගැන බැතී බරවී..

මගෙන්‌ මිදුණු ලොව ඔබට මිහිරි නම් එය සැපකී..
ඔබට ළංව දුක බෙදා ගන්ට බැරිකම දුකකී..
මෙවැනි බැඳුම්‌ අදහනු බැරි ලෝකය සිර ගෙයකී..
එවන්‌ ලොවක මේ හමුවීමත්‌ වාවනු නොහැකී..

සිනා තොටක්‌ විය ඔබ පාමුල මා ලද සරදම්
මහෝගයක්‌ විය ඔබෙන්‌ ලැබූ අපමණ අබිමන්‌
නොහඬා ඉන්නම්‌ ගිලිහුණු දා පෙම්‌ ලොව මල්දම්..
දුටුව නිසා ආදරයේ දෙව්‌ රුව ඔබගෙන්‌ මං
දුටුව නිසා ආදරයේ දෙව්‌ රුව.... ඔබගෙන්‌ මං

Video thumbnail