සිත හඬයි.. මා තනිවී.. Lyrics
සිත හඬයි.. මා තනිවී..
මා දවාලයි මේ සෝකේ..
ආදරයෙන්.. මා ලැබුවේ
කඳුළ පමණද මේ ලෝකේ
කඳුළ පමණද මේ ලෝකේ
සිත හඬයි..
ඔබගේ සුරත ගෙන සයුරු තෙර හිඳ
දිනක සීත සැන්දෑචේ..
හැඬුව අයුරු මට අඳුරු සිතුවමකි
තාම රැඳුණු මා දෑසේ.. සිහිනයක්ව මායාවේ
ඇයිද මා මුලාවේ.. තනිකලේ වියෝගේ
සෑමදා ප්‍රියේ මා.. ඔබට ආදරෙයි...
ඔබට ආදරෙයි
ඉන්න බෑ ළංව ඉතින්
සතුට හිමි නෑ සිතට මගේ
ඇයිද මගේ.. රත්තරනේ. .
දිවිය අද මේ අඳුරු කලේ
දිවිය අද මේ අඳුරු කලේ..
ඔබගේ සුවඳ මට තවම දැනෙනවා
පාළු සීත රෑ යාමේ..
ඈත කොහෙද ඔබ දෑසෙ දසුන හැර
සිහිනයක්ව වෙන්වුයේ.. ආදරේට පිටුපෑවේ
සඳට අහස වාගේ.. මලට සුවඳ වාගේ
සෑමදා ප්‍රියේ මා.. ඔබට ආදරෙයි...
ඔබට ආදරෙයි
සිත හඬයි.. මා තනිවී..
මා දවාලයි මේ සෝකේ..
ආදරයෙන්.. මා ලැබුවේ
කඳුළ පමණද මේ ලෝකේ
කඳුළ පමණද මේ ලෝකේ
සිත හඬයි...