සුදු ඇත්‌ පොව්වෙක් සුදු පියුම හොඬින්‌ ගෙන

Sudu Ath Powwek Sudu Piyuma Hodin Gena

nirosha virajini
සුදු ඇත්‌ පොව්වෙක් සුදු පියුම හොඬින්‌ ගෙන Lyrics

සුදු ඇත්‌ පොව්වෙක්
සුදු පියුම හොඬින්‌ ගෙන
පැදකුණු නොකලත්‌
සිරි යහනේ..

පෙරුම්‌ පුරා මා
කුසට පැමිණි බිලිඳු...
මට රජ පැටියෙක්‌

හන්‌ කිති කවමින්‌
කුස තුල සක්මන්‌ කරනා..
නුඹ දඟයෙකු  වේ දැයි
නිකමට මෙන්‌ මට සිතෙනා..

පැටියෝ..
නුඹ දුවක වුනත්‌
මට පුතෙකු වුනත්‌
නුඹේ හිස පළඳන්නේ
වෙනසක්‌ නැති එක ආදරයයි
ආදරයයි.. ආදරයයි..

කුස තුල දැරුවැයි
මතු බුදු වන පැතුමන්‌ නෑ..
ලෙය කිරි කර පෙව්වැයි
උදම්‌ අනන්නට රිසි නෑ..

පැටියෝ..
නුඹ දුවක වුනත්‌
මට පුතෙකු වුනත්‌
මා නුඹට පුදන්නේ
සැබෑව දිදුලන ජීවිතයයි
ජීවිතයයි.. ජීවිතයයි..

සුදු ඇත්‌ පොව්වෙක්
සුදු පියුම හොඬින්‌ ගෙන
පැදකුණු නොකලත්‌
සිරි යහනේ..

පෙරුම්‌ පුරා මා
කුසට පැමිණි බිලිඳු..
මට රජ පැටියෙක්‌

Video thumbnail