සොයා දියව්‌ මට සරණක්‌

Soya Diyaw Mata Saranak

pradeepa dharmadasa
සොයා දියව්‌ මට සරණක්‌ Lyrics

සොයා දියව්‌..
සොයා දියව්‌ මට සරණක්‌
මා අත ගන්නට..
පෙරුම්‌ පිරූ යෞවනයන්‌

දකුණේ දී.. උතුරේ දී
මරා දැමුයේ..
තෙපි නොවේද පව්කාරයිනි..

නීල වරල මතුවන නර කෙස්‌ ගනිමී..
බාල සුවඳ ආලේපන ගෙන උලමි..

නීල වරල මතුවන නර කෙස්‌ ගනිමී..
බාල සුවඳ ආලේපන ගෙන උලමි..
දෙතන එරෙන කිරී.. දොවා ඉවතලමි
දෙතන එරෙන කිරී.. දොවා ඉවතලමි
තෙපිටයි ඒ ශාපේ.. පව්කාරයිනි..

සොයා දියව්‌..
සොයා දියව්‌ මට සරණක්‌
මා අත ගන්නට..
පෙරුම්‌ පිරූ යෞවනයන්‌

දකුණේ දී.. උතුරේ දී
මරා දැමුයේ..
තෙපි නොවේද පව්කාරයිනි...

මැලවි නෙතූ මහනෙල්‌ නා දලු දෙතොලේ..
ගිලිහෙයි පෙති සියපත වන්‌ වත මඬලලේ..

මැලවි නෙතු මහනෙල්‌ නා දලු දෙතොලේ..
ගිලිහෙයි පෙති සියපත වන්‌ වත මඬලලේ..
හදෙහි නැගෙන ගිනි.. කඳුලින්‌ ඉවසමි
හදෙහි නැගෙන ගිනි.. කඳුලින්‌ ඉවසමි
තෙපිටයි ඒ ශාපේ.. පව්කාරයිනි..

සොයා දියව්‌..
සොයා දියව්‌ මට සරණක්‌
මා අත ගන්නට..
පෙරුම්‌ පිරූ යෞවනයන්‌

දකුණේ දී.. උතුරේ දී
මරා දැමුයේ..
තෙපි නොවේද පව්කාරයිනි..

පව්කාරයිනි....

Video thumbnail