ඈත රන් විමන් තුළින් Lyrics
ඈත රන් විමන් තුළින්
පාට සේලයෙන් සැදී
ඈත රන් විමන් තුළින්
පාට සේලයෙන් සැදී
මුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවා..
මේ ලොවෙන් එහා සිටන්
ඈත ලෝකයෙන් ඇවිත්
මේ ලොවෙන් එහා සිටන්
ඈත ලෝකයෙන් ඇවිත්
මුළු නීල පීත ලෝහිත පෑ ඈත දිලෙනවා..
රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී
රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී
අද රෑට...අද රෑට...අද රෑට දිලෙනවා
ගීත රාවයෙන් සැලී
දෑත ආදරෙන් වෙළී
ගීත රාවයෙන් සැලී
දෑත ආදරෙන් වෙළී
ඔබ කීව පෙම් කතා ඇසුරෙන් ගීත මැවෙනවා..
රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී
රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී
අද රෑට...අද රෑට...අද රෑට දිලෙනවා