පැතුම්‌ පිරිලා.. උතුරා යනවා..

Pathum Pirila Uthura Yanawa

priya suriyasena
පැතුම්‌ පිරිලා.. උතුරා යනවා.. Lyrics

පැතුම්‌ පිරිලා.. උතුරා යනවා..
ඇය අද එනවා.. හමුවේ දෝ..
සිතත්‌ පිරිලා.. ඇගේ රුව දැකලා..
ඇගේ සිත අසලා.. සැනසේ දෝ..

වසන්තයේ දිනයක්‌ සිහිවෙන්නේ
දසන්තයේ සිතුවිලි මුසුවෙන්නේ
ළමාවියේ මෙන්‌ යොවුන්‌ වියේදී
වෙනස්‌ නොවීලා ඉමු අපි දෙන්නා

පැතුම්‌ පිරිලා.. උතුරා යනවා..
ඇය අද එනවා.. හමුවේ දෝ..
සිතත්‌ පිරිලා.. ඇගේ රුව දැකලා..
ඇගේ සිත අසලා.. සැනසේ දෝ..

අවන්හලේ දී තනි වී දෙන්නා
රුවන්‌ වන්‌ පැතුම්‌ මවමින්‌ උන්නා
ඒ පැතුම්‌ සැබෑ වී නව ලොවක්‌ උදාවී
වෙනස්‌ නොවීලා ඉමු අපි දෙන්නා

පැතුම්‌ පිරිලා.. උතුරා යනවා..
ඇය අද එනවා.. හමුවේ දෝ..
සිතත්‌ පිරිලා.. ඇගේ රුව දැකලා..
ඇගේ සිත අසලා.. සැනසේ දෝ..
සැනසේ දෝ..
සැනසේ දෝ..
සැනසේ දෝ..
සැනසේ දෝ...

Video thumbnail