සඳ තාරකා හඬාවී

Sanda Tharaka Handawi

priya suriyasena
සඳ තාරකා හඬාවී Lyrics

සඳ තාරකා හඬාවී
කළු මීදුමෙන්‌ එහා..
ඔබ හා ගෙවු අතීතේ
මතකේ ලියා තියා..
මතකේ ලියා තියා..

සිත පාවෙලා ගියාවේ
නටබුන්‌ සොයා අනාතේ
අනුරාග මල්‌ හිනාවන්‌
පෙර සේ නොවේ මුවේ..

සඳ තාරකා හඬාවී
කළු මීදුමෙන්‌ එහා..
ඔබ හා ගෙවු අතීතේ
මතකේ ලියා තියා..
මතකේ ලියා තියා..

අඩ නීල රෑ වලාවේ
හෙට පායලා උදාවේ
කවදාක දෝ විදින්නේ
මතු ඒ අමා සුවේ..

සඳ තාරකා හඬාවී
කළු මීදුමෙන්‌ එහා..
ඔබ හා ගෙවු අතීතේ
මතකේ ලියා තියා..
මතකේ ලියා තියා...

Video thumbnail