සැළලිහිණි කොවුල්‌ හඬ රැව්  දෙන්නා

Salalihini Kowul Handa Raw Denna

priyantha fernando
සැළලිහිණි කොවුල්‌ හඬ රැව්  දෙන්නා Lyrics

සැළලිහිණි කොවුල්‌ හඬ රැව්  දෙන්නා
මහ උයනක සිරි ඉතිරේ
මුව රැල අතරේ වග වලසුන්ගේ
රඟ මඬලකි මේ උයනේ..

නීල කොබෝ රෑන ගිරා
පිල්‌ විදහා රඟනා මොණරා

නීල කොබෝ රෑන ගිරා
පිල්‌ විදහා රඟනා මොණරා
කට ඇද කිරලා
සහ වලි කුකුළා
හොට දිග පිළිහුඩුවා..
කට ඇද කිරලා
සහ වලි කුකුළා
හොට දිග පිළිහුඩුවා..
අප දැකලා.. බිය වැදිලා
තරඟෙට හඬ නැගුවා

සැළලිහිණි කොවුල්‌ හඬ රැව්  දෙන්නා
මහ උයනක සිරි ඉතිරේ
මුව රැල අතරේ වග වලසුන්ගේ
රඟ මඬලකි මේ උයනේ..

කොළ දිවියා.. රළු කොටියා
කපටි රජා නම්‌ ලද හිවලා

කොළ දිවියා.. රළු කොටියා
කපටි රජා නම්‌ ලද හිවලා
විසකුරු පොලඟා
මිනි කන කිඹුලා
පොතු හැර කබරගොයා..
විසකුරු පොලඟා
මිනි කන කිඹුලා
පොතු හැර කබරගොයා...
රට පිඹුරා
ළඟම නයා
දරණ ගසා සිටියා

සැළලිහිණි කොවුල්‌ හඬ රැව්  දෙන්නා
මහ උයනක සිරි ඉතිරේ
මුව රැල අතරේ වග වලසුන්ගේ
රඟ මඬලකි මේ උයනේ..

සැළලිහිණි කොවුල්‌ හඬ රැව්  දෙන්නා
මහ උයනක සිරි ඉතිරේ
මුව රැල අතරේ වග වලසුන්ගේ
රඟ මඬලකි මේ උයනේ..

Video thumbnail