සීගිරි සුකුමාලියේ

Sigiri Sukumaliye

priyantha fernando
සීගිරි සුකුමාලියේ Lyrics

සීගිරි සුකුමාලියේ
හෙළ රජ සමයේ
මතකද අපි පාවුනා
පෙම් අම නදියේ..
ලස්සන ඔබේ රූපයේ
නෙත සිත බැඳුනේ..
නාමය සිරි ලංකාවේ
රැව් දෙන්නේ
ඔබගෙනි සොඳුරේ..

අතකින්‌ මල්‌ දරාලා
හසරැලි පාලා..
සුසිනිඳු සළු ඔතාලා
විලවුන්‌ ගාලා..
ගෝමර පෙති විදාලා
දිස්නය දීලා..
ආදරයෙන්‌ උන්‌ කාලේ
මේ දෑසේ සිතුවම්‌ වීලා..

සීගිරි සුකුමාලියේ
හෙළ රජ සමයේ
මතකද අපි පාවුනා
පෙම් අම නදියේ..
ලස්සන ඔබේ රූපයේ
නෙත සිත බැඳුනේ...
නාමය සිරි ලංකාවේ
‍රැව් දෙන්නේ
ඔබගෙනි සොඳුරේ..

ඔබ රුව නැත මැකීලා
කල්‌ ගත විලා..
මුළු දෙනෙතින්‌ බලාලා
සිත සැනසීලා..
ජන කවියක්‌ ගොතාලා
කවි පද මාලා..
කී විලසින්‌ මං ගයමි
රන්වන්‌ ගී හද සපුරාලා..

සීගිරි සුකුමාලියේ
හෙළ රජ සමයේ
මතකද අපි පාවුනා
පෙම් අම නදියේ..
ලස්සන ඔබේ රූපයේ
නෙත සිත බැඳුනේ...
නාමය සිරි ලංකාවේ
‍රැව් දෙන්නේ
ඔබගෙනි සොඳුරේ...

Video thumbnail