අදින් පසුව නෑ.. අප හමුවන්නේ
මේ අවසන් දිනයයි...
සසර පුරා අප.. අත්වැල් බැඳ ආ
ගමන මෙයින් නිමවෙයි..
අදින් පසුව නෑ.. අප හමුවන්නේ
මේ අවසන් දිනයයි...
සසර පුරා අප.. අත්වැල් බැඳ ආ
ගමන මෙයින් නිමවෙයි..
වරද මගේදැයි.. වරද ඔබේදැයි
නොඅසමි ඔබගෙන්.. මතු දවසේ..
වරද මගේදැයි.. වරද ඔබේදැයි
නොඅසමි ඔබගෙන්.. මතු දවසේ..
එකම මතක යන.. දෙදෙනෙකු වෙමු අපි
නන්නාදුනනා.. අය විලසේ..
අදින් පසුව නෑ.. අප හමුවන්නේ
මේ අවසන් දිනයයි...
සසර පුරා අප.. අත්වැල් බැඳ ආ
ගමන මෙයින් නිමවෙයි..
කියන්න කිසිවක්.. ඉතිරිව නෑ මට
සියල්ල නිමවන.. මේ මොහොතේ..
කියන්න කිසිවක්.. ඉතිරිව නෑ මට
සියල්ල නිමවන.. මේ මොහොතේ..
පිසින්න අවසර.. දෙන්න ළඳේ මට
අවසන් කඳුළත්.. ඔය දෙනෙතේ..
අදින් පසුව නෑ.. අප හමුවන්නේ
මේ අවසන් දිනයයි..
සසර පුරා අප.. අත්වැල් බැඳ ආ
ගමන මෙයින් නිමවෙයි..
අදින් පසුව නෑ.. අප හමුවන්නේ
මේ අවසන් දිනයයි..
සසර පුරා අප.. අත්වැල් බැඳ ආ
ගමන මෙයින් නිමවෙයි....