දෙගුරුන් වෙනුවෙන්.. සෙනෙහස බිලිදී.. Lyrics
දෙගුරුන් වෙනුවෙන්.. සෙනෙහස බිලිදී..
ගියත් මැකී ඔබ.. මගේ ලොවින්
හද බැඳි කුලුඳුල්.. සෙනෙහස නොසිඳි..
සදා රැඳෙනු ඇත.. ඔබේ නමින්
චෙන්වී යනමුන්.. දුරින් දුරට ඔබ
මෙසේ දුරස් වී.. ගතින් ඔබේ..
තනි නොකරමි ඔබ.. දිවි ඇතිතුරු මම
රැඳී සිටින්නෙමි.. සිතින් ළඳේ..
දෙගුරුන් වෙනුවෙන්... සෙනෙහස බිලිදී..
ගියත් මැකී ඔබ.. මගේ ලොවින්
හද බැඳි කුලුඳුල්.. සෙනෙහස නොසිඳි..
සදා රැඳෙනු ඇත.. ඔබේ නමින්
කඳුළින් සමුගෙන.. වෙන්වී යනමුත්
සුසුමක රඳවා.. පැතුම් මෙසේ..
බැඳි සිත් නොබිඳින.. ලොවකදි සසරේ
හමුවෙමු මතු අපි.. භවෙන් භවේ..
දෙගුරුන් වෙනුවෙන්.. සෙනෙහස බිලිදී..
ගියත් මැකී ඔබ.. මගේ ලොවින්
හද බැඳි කුලුඳුල්.. සෙනෙහස නොසිඳි..
සදා රැඳෙනු ඇත.. ඔබේ නමින්...