එකම මගක පියවර මැන යන්නයි

Ekama Magaka Piyawara Mana Yannai

punsiri soysa
එකම මගක පියවර මැන යන්නයි Lyrics

එකම මගක පියවර මැන යන්නයි
එකම බිමක සෙවණැලි පැටලෙන්නයි
සෙනේ දියෙන්‌ මීවිත පිරවෙන්නයි
මගේ පැතුම ඔබ.. මට හිමිවෙන්නයි
මගේ පැතුම ඔබ.. මට හිමිවෙන්නයි...

වැලේ පිපුණු මල නොවේ වැලට බර
බිඟුන්‌ සරාවී බැලුම්‌ හෙළා..
හිතේ රැඳුණු පෙම.. නොමදෙන්‌ රටකට
හිතේ රැඳුණු පෙම.. නොමදෙන්‌ රටකට
මගේ ලොවින් පිට.. නොයන්‌ පළා..
මගේ ලොවින්‌ පිට.. නොයන්‌ පළා..

එකම මගක පියවර මැන යන්නයි
එකම බිමක සෙවණැලි පැටලෙන්නයි
සෙනේ දියෙන්‌ මීවිත පිරවෙන්නයි
මගේ පැතුම ඔබ.. මට හිමිවෙන්නයි
මගේ පැතුම ඔබ.. මට හිමිවෙන්නයි...

මගේ ලොවට සඳ ඔබේ සිඟිති මුව
අගින්‌ එබේවී හැඟුම්‌ මවා...
ඔබේ පිනට මතු.. මගේ ගෙපැල ළඟ
ඔබේ පිනට.. මතු මගේ ගෙපැල ළඟ
කුසුම්‌ පිපේවා.. පවන්‌ සලා..
කුසුම්‌ පිපේවා.. පවන්‌ සලා..

එකම මගක පියවර මැන යන්නයි
එකම බිමක සෙවණැලි පැටලෙන්නයි
සෙනේ දියෙන්‌ මීවිත පිරවෙන්නයි
මගේ පැතුම ඔබ.. මට හිමිවෙන්නයි
මගේ පැතුම ඔබ.. මට හිමිවෙන්නයි...
මගේ පැතුම ඔබ.. මට හිමිවෙන්නයි...
මගේ පැතුම ඔබ.. මට හිමිවෙන්නයි...

Video thumbnail