මේ බස්‌ නැවතුම.. පෙර හැම දිනකම

Me Bus Nawathuma Pera Hama Dinakama

punsiri soysa
මේ බස්‌ නැවතුම.. පෙර හැම දිනකම Lyrics

මේ බස්‌ නැවතුම.. පෙර හැම දිනකම
අප හමුවුණ හැටි.. දැන උන්නේ...
මා තනිවුණ බව.. ඔබ සමුගෙන බව
බස්‌ නැවතුම තව.. නෑ දන්නේ..

මේ බස්‌ නැවතුම.. පෙර හැම දිනකම
අප හමුවුණ හැටි.. දැන උන්නේ...
මා තනිවුණ බව.. ඔබ සමුගෙන බව
බස්‌ නැවතුම තව.. නෑ දන්නේ..

ඉස්සර හවසට.. මා එනතුරු ඔබ
මෙතනම සිටියා.. දෙනෙත අයා..
එකම රියක නැග.. එකම අසුනෙ හිඳ
ගිය හැටි මතකයි.. තවම එදා..

මේ බස්‌ නැවතුම.. පෙර හැම දිනකම
අප හමුවුණ හැටි.. දැන උන්නේ...
මා තනිවුණ බව.. ඔබ සමුගෙන බව
බස්‌ නැවතුම තව.. නෑ දන්නේ..

ප්‍රේමය නිමවුණ.. මා අද තනිවම
රියකට මෙතැනින්‌.. ගොඩ වෙනවා...
ඒ රියෙහිම ඔබ.. තව කෙනෙකුන්‌ ළඟ
එකම අසුනේ.. ඉඳගෙන යනවා..

මේ බස්‌ නැවතුම.. පෙර හැම දිනකම
අප හමුවුණ හැටි.. දැන උන්නේ...
මා තනිවුණ බව.. ඔබ සමුගෙන බව
බස්‌ නැවතුම තව.. නෑ දන්නේ..

Video thumbnail