අම්මේ.. මතකයි නම්.. මං පොඩි කාලේදී

Amme Mathakai Nam

ranidu lankage
අම්මේ.. මතකයි නම්.. මං පොඩි කාලේදී Lyrics

අම්මේ.. මතකයි නම්.. මං පොඩි කාලේදී
ඔබ මට ගී කිව්වා
අම්මේ.. මතකයි නම්.. මං පොඩි කාලේදී
මා ළඟ නිදි වැරුවා

මට හීන ගෙනාවා.. ඒ හීන පිබිදුවා
මට අකුරු කියෙව්වා.. මගෙ දෑස පෑදුවා
ඉර හඳ පෙන්නුවා.. හොඳ නරක පැහැදුවා
පාසලට හැරලුවා.. මගෙ කඳුළු පිසලුවා
නිම් නෑ මගෙ අම්‌මේ.. ඔබෙ සිහිලස සසරේ
ඔබගේ කරුණාබර ආදරේ.. සදා
මිය යනතුරු මෙලොවේ.. ඔබෙ මුදු ගුණ ගැයවේ
ඔබගේ මුදිතා ගුණ සාගරේ.. සදා..

අම්මේ.. මතකයි නම්.. මං පොඩි කාලේදී
ඔබ මට ගී කිව්වා
අම්මේ.. මතකයි නම්.. මං පොඩි කාලේදී
මා ළඟ නිදි වැරුවා

මට කිරුළ හිමි කළා.. මා ලොවට පැළඳුවා
මට ජයම අත්‌ කළා.. ඔබ කඳුළු සැඟවුවා
ඔබෙ අහසේ මා තබා.. ඔබ පොළොවෙම සිටියා
මා මිනිසෙකු වුදා.. ඔබ මවකම වුවා
නිම්‌ නෑ මගෙ අම්‌මේ.. ඔබෙ සිහිලස සසරේ
ඔබගෙ කරුණාබර ආදරේ.. සදා
මිය යනතුරු මෙලොවේ.. ඔබෙ මුදු ගුණ ගැයවේ
ඔබගේ මුදිතා ගුණ සාගරේ.. සදා..

අම්මේ.. මතකයි නම්.. මං පොඩි කාලේදී
ඔබ මට ගී කිව්වා
අම්මේ.. මතකයි නම්.. මං පොඩි කාලේදී
මා ළඟ නිදි වැරුවා
අම්මේ.. මතකයි නම්.. මං පොඩි කාලේදී
ඔබ මට ගී කිව්වා
අම්මේ.. මතකයි නම්.. මං පොඩි කාලේදී
මා ළඟ නිදි වැරුවා

අම්මේ...

අම්මේ...අම්මේ..
අම්මේ...අම්මේ..
අම්මේ...අම්මේ..
අම්මේ...අම්මේ..

Video thumbnail