ඔබෙ ආදරේ.. ඔසුවක්‌ වගේ..

Obe Adare Osuwak Wage

ranidu lankage
ඔබෙ ආදරේ.. ඔසුවක්‌ වගේ.. Lyrics

(Rap කොටස)

ඔබෙ ආදරේ.. ඔසුවක්‌ වගේ..
දෙතොලින්‌ තවා.. සුවපත්‌ කෙරූ..
ඔබෙ ජීවිතේ.. ඉසුරයි මගේ..
තුරුලේ හොවා.. සැපවත්‌ කෙරූ..
ඔබ ඉත සිතින්‌.. පෑ ආදරේ..
සුබ සිහිනයයි.. සංසාරයේ..
ඔබෙ ජීවිතේ.. කුසුමක්‌ ලෙසින්‌..
නිකැළැල්‌ හදින්‌.. රකිමි ළඳේ..

සඳකැන්‌ පැනින්‌.. තෙමෙනා ලෙසින්‌..
හරවා නුවන්‌.. බලනා ඔබේ.. (බලනා ඔබේ..)
ඇරයුම්‌ කැලුම්‌.. විහිදී ගොසින්‌..
හසුනක්‌ වෙසින්‌.. ලැබුණා ළඳේ..

රෑ පානේ වැහිකළු නොපෙනේ පෙම්බර ගන අඳුරේ..
ආදරයද දුකළුර ගලපන බණ පදයකි සොඳුරේ...

(Rap කොටස)

ඔබෙ ආදරේ.. ඔසුවක්‌ වගේ..
දෙතොලින්‌ තවා.. සුවපත්‌ කෙරූ..
ඔබෙ ජීවිතේ.. ඉසුරයි මගේ..
තුරුලේ හොවා.. සැපවත්‌ කෙරූ..
ඔබ ඉත සිතින්‌.. පෑ ආදරේ..
සුබ සිහිනයයි.. සංසාරයේ..
ඔබෙ ජීවිතේ.. කුසුමක්‌ ලලෙසින්‌..
නිකැළැල්‌ හදින්‌.. රකිමි ළඳේ..

මිණි මිණි පලසේ.. සතපා දෙපා..
පානා සිනා.. ගීයයි මගේ..
හසරැල්‌ කලසේ.. කඳුළැල්‌ එපා..
හෙලනා සුසුමි.. සුවඳයි ඔබේ..

හිරු කිරණේ රශ්මිය නොදැනේ පෙම්බර ඔබ ඇසුරේ...
ආදරයේ සුන්දර බව දෙව්‌ සිරිතකි මා සොඳුරේ..

ඔබෙ ආදරේ.. ඔසුවක්‌ වගේ..
දෙතොලින්‌ තවා.. සුවපත්‌ කෙරූ..
ඔබෙ ජීවිතේ.. ඉසුරයි මගේ..
තුරුලේ හොවා.. සැපවත්‌ කෙරූ..
ඔබ ඉත සිතින්‌.. පෑ ආදරේ..
සුබ සිහිනයයි.. සංසාරයේ..
ඔබෙ ජීවිතේ.. කුසුමක්‌ ලෙසින්‌..
නිකැළැල්‌ හදින්‌.. රකිමි ළඳේ..

ඔබෙ ආදරේ.. ඔසුවක්‌ වගේ..
දෙතොලින්‌ තවා.. සුවපත්‌ කෙරූ..
ඔබෙ ජීවිතේ.. ඉසුරයි මගේ..
තුරුලේ හොවා.. සැපවත්‌ කෙරූ..
ඔබ ඉත සිතින්‌.. පෑ ආදරේ..
සුබ සිහිනයයි.. සංසාරයේ..
ඔබෙ ජීවිතේ.. කුසුමක්‌ ලෙසින්‌..
නිකැළැල්‌ හදින්‌.. රකිමි ළඳේ...

Video thumbnail