තරුද නිදන්නී..

Tharuda Nidanni

ranidu lankage
තරුද නිදන්නී.. Lyrics

මගෙ ළඟ ඉන්න කියා.. කඳුළක මුවා වෙලා
සුසුමක පා කරලා.. තරු මල්‌ කැකුලු නෙලා
තුරුලට ගන්න සිතා.. නිදි නැති කඳුළ සලා
හදවත සින්න වෙලා.. නුඹ ළඟ මටත්‌ හොරා

තරුද නිදන්නී.. සඳ පාළු මකන්නී
කවුදෝ මේ සිහිනේ ආදරවන්තී
සතුට බෙදන්නී.. මගෙ පාළු මකන්නී
කුලුඳුල්‌ ආදරයේ මා හැරයන්නී

සීතල කඳුළෙන්‌ මගෙ ආදරේ ඉල්ලා
ජීවත්‌ වන්නේ හදේ පැතුමන්‌ හන්දා
නුඹ ළඟ උන්නේ සුසුම්‌ හිතයට හංගා
හදවත මල්‌ හී මගෙ නාවත්‌ ඉල්‌ලා..

මගෙ ළඟ ඉන්න කියා.. කඳුළක මුවා වෙලා
සුසුමක පා කරලා.. තරු මල්‌ කැකුළු නෙලා
තුරුලට ගන්න සිතා.. නිදි නැති කඳුළු සලා
හදවත සින්න වෙලා.. නුඹ ළඟ මටත්‌ හොරා

නෙතඟ නිදන්නී.. මගෙ කඳුළ නිවන්නී
කොයිදෝ ඒ සිහිනේ ආදරවන්තී
සිහින බෙදන්නී.. මගෙ තුරුලේ නිදන්නී
නොඉඳුල්‌ හාදුව ළඟ මා හැරයන්නී

සීතල කඳුළෙන්‌ මගෙ ආදරේ ඉල්ලා
ජීවත්‌ වන්නේ හදේ පැතුමන්‌ හන්දා
නුඹ ළඟ උන්නේ සුසුම්‌ හිතයට හංගා
හදවත මල්‌ හී මගෙ නාවත්‌ ඉල්‌ලා..

මගෙ ළඟ ඉන්න කියා.. කඳුළක මුවා වෙලා
සුසුමක පා කරලා.. තරු මල්‌ කැකුලු නෙලා
තුරුලට ගන්න සිතා.. නිදි නැති කඳුළ සලා
හදවත සින්න වෙලා.. නුඹ ළඟ මටත්‌ හොරා

තරුද නිදන්නී.. සඳ පාළු මකන්නී
කවුදෝ මේ සිහිනේ ආදරවන්තී
සතුට බෙදන්නී.. මගෙ පාළු මකන්නී
කුලුඳුල්‌ ආදරයේ මා හැරයන්නී...

Video thumbnail