මුවගේ හසකැන් දිලුනේ.. Lyrics
මුවගේ හසකැන් දිලුනේ..
නෙතඟේ කඳුළැල් නිවුණේ..
හදෙහී පැතුමන් පිපුණේ..
සැනසූ වදනින් දෙඩුවේ..
දසුනින් නොමැකී රැඳුණේ..
රදෙනා සිතමයි හැදුණේ. .
නොබිඳී සසරේ බැඳුණේ..
ඇසුරේ ඔබමයි පැතුවේ...
එකසේ දෙහදක්.. පිදුණේ..
ආදරෙන් මා වෙළා.. සොඳුරු සිත්තම් යොදා...
සිහිනයක මා තබා.. ඇරයුම් කළා..
විකසිතව ළං වෙලා.. සුවඳකට මුසූ වෙලා..
රහස කොඳුරා කියා.. ඔච්චම් කළා..
(ආ..)
නොගැයු කවියක් වාගේ..
නොලියු පදවැල් මාගේ..
මේ දිවි ගමනේ.. ඔබගෙනි ඇසුණේ
මතකේ රඳවා.. සොඳුරුම යාමේ
හමනා පවනක් වාගේ..
සිසිලයි ඔබ ගෙන ආවේ..
කතරට වැටෙනා.. පොද වැහි වාගේ
දෙහදක් පටලා.. සිත්මල් යාමේ
පියමැන අපි යමු.. පැහැසර යාමේ..
ආදරෙන් මා වෙළා.. සොඳුරු සිත්තම් යොදා...
සිහිනයක මා තබා.. ඇරයුම් කළා..
විකසිතව ළං වෙලා.. සුවඳකට මුසූ වෙලා..
රහස කොඳුරා කියා.. ඔච්චම් කළා..
(ආ..)