මල්මද බිසෝ ඉතින්.. ඩිංගක් හිනා වෙයන්
මල්මද බිසෝ ඉතින්.. ඩිංගක් හිනා වෙයන්
අරගෙන රිදී කලේ.. රිදී වතුර ගෙදර යමන්
අරගෙන රිදී කලේ.. රිදී වතුර ගෙදර යමන්
දෝතක් බොන්න දියන්..
නෑ මට රජ වාසල සීනි කන්න කෑදරකන්..
නෑ මට රජ වාසල සීනි කන්න කෑදරකන්
අතිරහ කැවුම් කොකිස් හැම ගෙදරම ඕනැ තරම්
අතිරහ කැවුම් කොකිස් හැම ගෙදරම ඕනැ තරම්
මේ මල් පිපෙන රටට තව මොකටද සුවඳ සඳුන්
මේ මල් පිපෙන රටට තව මොකටද සුවඳ සඳුන්
අපි දෙන්නට දෙන්නා සුවඳ වෙලා ඉන්නව නම්...
අපි දෙන්නට දෙන්නා සුවඳ වෙලා ඉන්නව නම්....
මල්මද බිසෝ ඉතින්.. ඩිංගක් හිනා වෙයන්
මල්මද බිසෝ ඉතින්.. ඩිංගක් හිනා වෙයන්
අරගෙන රිදී කලේ.. රිදී වතුර ගෙදර යමන්
අරගෙන රිදී කලේ.. රිදී වතුර ගෙදර යමන්
දෝතක් බොන්න දියන්..
රෑ හඳ එළිය ඇවිත් හීන්සැරේ ඉහට උඩින්..
රෑ හඳ එළිය ඇවිත් හීන්සැරේ ඉහට උඩින්..
සීපදයක් වාගේ කොඳුරන කොට කනට හෙමින්
සීපදයක් වාගේ කොඳුරන කොට කනට හෙමින්
මේ පළු වීර ගහක හෙවණේ ඉන්නට ඇත්නම්
මේ පළු වීර ගහක හෙවණේ ඉන්නට ඇත්නම්
අපි දෙන්නට දෙන්නා අයිතියි ඇහැ පියවෙනකන්..
අපි දෙන්නට දෙන්නා අයිතියි ඇහැ පියවෙනකන්..
මල්මද බිසෝ ඉතින්.. ඩිංගක් හිනා වෙයන්
මල්මද බිසෝ ඉතින්.. ඩිංගක් හිනා වෙයන්
අරගෙන රිදී කලේ.. රිදී වතුර ගෙදර යමන්
අරගෙන රිදී කලේ.. රිදී වතුර ගෙදර යමන්
දෝතක් බොන්න දියන්..