සෝබාව දේ මෙපුර සිරී විසිතුරු බලනු මිතුරු

Sobawa De Mepura Siri Visithuru

rodney warnakula
සෝබාව දේ මෙපුර සිරී විසිතුරු බලනු මිතුරු Lyrics

සෝබාව දේ මෙපුර සිරී විසිතුරු බලනු මිතුරු
මග පියකරු  වූ
සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතිරු
අහස සූරන මැදුරූ

පාර දෙපැත්තේ
සොඳුරු සල්පිල්‌ චල දෙව්ලොව නැනි සැප විකුණන්නේ
නුවරු  රිසි රිසි දේ ගෙන මසුරන්‌ තඹයට දන්නේ
නිබඳ සිත ළතැවෙන්නේ

සෝබාව දේ මෙපුර සිරී විසිතුරු බලනු මිතුරු
මග පියකරු  වූ
සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතිරු
අහස සූරන මැදුරූ

ජේත්තූ කාර ලියන්‌ ගත විලවුන්‌ මුහුණ සිඹින්නා..
සාටක දුහුල ඉරන්‌ නාරිලතා මල්‌ පූදින්නා..

ජේත්තූ කාර ලියන්‌ ගත විලවුන්‌ මුහුණ සිඹින්නා..
සාටක දුහුල ඉරන්‌ නාරිලතා මල්‌ පූදින්නා..
දෑසින්‌ අමතන බස්‌ වැසුණු දොරක්‌ විවර කරන්නේ
එළිපිට ඇත අවකෙළි කිසිවෙකු මැසිවිලි නොකියන්නේ

සෝබාව දේ මෙපුර සිරී විසිතුරු බලනු මිතුරු
මග පියකරු  වූ
සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතිරු
අහස සූරන මැදුරූ

සැණකෙළි පුරා හඳේ නිකිණි අවන්හල්‌ පිබිදෙන්නා..
ඇසුවන්‌ දුක්‌ සින්උන ගී සින්දු සවන පිනන්නා..

සැණකෙළි පුරා හඳේ නිකිණි අවන්හල්‌ පිබිදෙන්නා..
ඇසුවන්‌ දුක්‌ සින්උන ගී සින්දු සවන පිනන්නා..
සත හට සෙත සලසා අතකින්‌ මධුවිත පුරවන්නේ
සවුදිය පුරන ළඳක්‌.. රකුසු නෙතක්‌ පාළු කපන්නේ

සෝබාව දේ මෙපුර සිරී විසිතුරු බලනු මිතුරු
මග පියකරු  වූ
සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතිරු
අහස සූරන මැදුරූ

සෝබාව දේ මෙපුර සිරී විසිතුරු බලනු මිතුරු
මග පියකරු  වූ
සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතිරු
අහස සූරන මැදුරූ

සෝබාව දේ

Video thumbnail