මගෙ සුදු බෑණන්ඩිට බුද්ධං සරණේ සරණයි
මගෙ බුදු මාමණ්ඩිට ධම්මං සරණේ සරණයි
මගෙ සුදු බෑණන්ඩිට සංඝං සරණේ සරණයි
අනේ ඉතින් අපි දෙන්නට.. මේ තුන් සරණේ සරණයි
බෑණන්ඩිට එන්න කියලා යැවුවා මං පණිවුඩයක්
මාමණ්ඩී ඒ හින්දයි ආවේ මං තකහනියක්
කලබල වෙන්න එපා.. හිත නරක් කරගන්න එපා
සිද්ද වෙච්චි දේ කියන්නත් මොකක්ද වාගෙයි
හයියෝ මොන පිස්සුද.. කියන්ඩ ඕනැ දෙයක්
කිසි වරදක් නැති මගෙ හිත මට විශ්වාසයි
ගමේ උන්නු හොද කොල්ලෙක්.. අහිමි වෙච්චි එක පාඩුයි..
ඒකයි මට කණගාටූ..
මාමණ්ඩිත් හොඳ මිනිහෙක්.. බෝධිසත්වයෙක් වාගෙයි
ඒකයි මට කණගාටූ..
මගෙ සුදු බෑණන්ඩිට බුද්ධං සරණේ සරණයි
මගෙ බුදු මාමණ්ඩිට ධම්මං සරණේ සරණයි
මගෙ සුදු බෑණන්ඩිට සංඝං සරණේ සරණයි
අනේ ඉතින් අපි දෙන්නට.. මේ තුන් සරණේ සරණයි
සිදාදියෙන් මෙහි ආගිය ගැටයා දන්නවා නේද
අපොයි මොකද මං නොදන්නෙ මිනිහ හරිම හොඳයි නේද
අපි කල දෙයක් නොවෙයි.. තරහ ගන්න එපා බෑණෝ
දොණියන්ද ඌත් එක්ක පැනලා ගිහිල්ලා..
හයියෝ සුළු දෙයක්නේ.. මමත් බල බලා උන්නේ
මේ උගුලෙන් ගැලවෙන්නේ කොහොමද කියලා..
ආදරයෙන් හදපු එකී.. ගෙදර උන්නු හොදම එකී
ඒකයි මට කණගාටූ..
ගේ දොර වැඩ නොදත් එකී.. ගත්තු මිනිහා ආමාරුවේ
ඒකයි මට කණගාටූ..
මගෙ සුදු බෑණන්ඩිට බුද්ධං සරණේ සරණයි
මගෙ බුදු මාමණ්ඩිට ධම්මං සරණේ සරණයි
මගෙ සුදු බෑණන්ඩිට සංඝං සරණේ සරණයි
අනේ ඉතින් අපි දෙන්නට.. මේ තුන් සරණේ සරණයි
අනේ ඉතින් අපි දෙන්නට.. මේ තුන් සරණේ සරණයි
අනේ ඉතින් අපි දෙන්නට