සීයේ.. සීයේ..

Seeye Seeye Oya Benz Car

rohana baddage
සීයේ.. සීයේ.. Lyrics

සීයේ.. සීයේ..

ඔය බෙන්ස්‌ කාර් හනේ ඉතින්‌ අපට කොයින්දෑ
පොඩි තිරික්කලේ ජැංඩි පහට යමු අපි දෙන්නා
ඔය බෙන්ස්‌ කාර් හනේ ඉතින්‌ අපට කොයින්දෑ
පොඩි තිරික්කලේ ජැංඩි පහට යමු අපි දෙන්නා

(ඊ..වහ්..ඊ...යහ් යහ් යහ්..)

ඔන්න බොල ඉස්සරහින්‌ එනවා දෙවැට දිගේ
වලව්වේ තඩි වාහනේ
නීලමහ යෝධයා වාගෙයි වලව්වේ හාමු
පිටිපස්සේ ආසනේ

ඔන්න බොල ඉස්සරහින්‌ එනවා දෙවැට දිගේ
වලව්වේ තඩි වාහනේ
නීලමහ යෝධයා වාගෙයි වලව්වේ හාමු
පිටිපස්සේ ආසනේ

සීයේ.. සීයේ..
යන්නත්‌ ඉඩ නෑ ඔහොම ටිකක්‌ නවත්ත ගමු
හැබැයි බහින්ටෙපා සීයේ අපට ලොකු නෑ හාමු
යන්නත්‌ ඉඩ නෑ ඔහොම ටිකක්‌ නවත්ත ගමු
හැබැයි බහින්ටෙපා සීයේ අපට ලොකු නෑ හාමු

(ඊ..වහ්..ඊ...යහ්  යහ් යහ් යහ්  යහ්..)

ඔන්න බොල බෙරිහන්‌ දීගෙන පස්සෙන්‌ පස්සට
අයිනට ගත්තා වාහනේ
පුපුර පුපුරා තරහෙන්‌ ඇත වලව්වේ හාමු
පිටිපස්සේ ආසනේ

ඔන්න බොල බෙරිහන්‌ දීගෙන පස්සෙන්‌ පස්සට
අයිනට ගත්තා වාහනේ
පුපුර පුපුරා තරහෙන්‌ ඇත වලව්වේ හාමු
පිටිපස්සේ ආසනේ

හාමු.. හාමු..
අපි ඉස්සරහට මිස පස්සට යන්ඩ දන්නේ නෑ
අපට සමාවෙන්ඩ හාමු අපේ රිවස්‌ එකක්‌ නෑ
අපි ඉස්සරහට මිස පස්සට යන්ඩ දන්නේ නෑ
අපට සමාවෙන්ඩ හාමු අපේ රිවස්‌ එකක්‌ නෑ

(ඊ..වහ්..ඊ...යහ්  යහ් යහ් යහ්  යහ්..)

හරි හරි.. පැනපන්‌ වයිරෝ
එක පිම්මට ඔය යන්තං ඉඩ ලැබුණා ඇතී
පසු නොබා බාධක බිඳගෙන මග හෙළි කරගෙන
ඉදිරියටම යමු අපි

හරි හරි.. පැනපන්‌ වයිරෝ
එක පිම්මට ඔය යන්තං ඉඩ ලැබුණා ඇතී
පසු නොබා බාධක බිඳගෙන මග හෙළි කරගෙන
ඉදිරියටම යමු අපි

හාමු.. හාමු..
අපි ඉස්සරහට මිස පස්සට යන්ඩ දන්නේ නෑ
අපට සමාවෙන්න හාමු අපේ රිවස්‌ එකක්‌ නෑ

අපි ඉස්සරහට මිස පස්සට යන්න දන්නේ නෑ
අපට සමාවෙන්න හාමු අපේ රිවස්‌ එකක්‌ නෑ

(ඊ..යහ්‌.. ර්.. යහ්‌ යහ්‌ යහ්‌ යහ්‌..
ඊ.. යහ්‌ යහ්‌ යහ්‌ යහ්‌..
ර්‌.. ආහහ්‌ හා.. යහ්‌ යහ්‌ යහ්‌ යා...)

Video thumbnail