දිවි කතරට ගංගාවයි.. මට හමුවූ ගංගා Lyrics
දිවි කතරට ගංගාවයි.. මට හමුවූ ගංගා
දිවි ඇතිතුරු මගේ සරණට ඔබම වේය ගංගා..
දිවි ගමනේ ජය මාවත.. හඳුනා දුන් ගංගා
ඔබෙ සෙනෙහස නොලැබුණු දා මා තනිවෙයි ගංගා..
මලක මෙලෙක කියා දුන්නේ ඔබෙ දෑතයි ගංගා
ඒ අයුරින් මා සිත සතපවන්න මගෙ ගංගා..
පුරසඳ සේ මුව මඩලින් සෙනෙහස දුන් ගංගා
හැම දිනකම මා හමුවී සිනාසෙන්න ගංගා..
දිවි කතරට ගංගාවයි.. මට හමුවූ ගංගා
දිවි ඇතිතුරු මගෙ සරණට ඔබම වේය ගංගා..
ඊයේ රෑ මා සිහිනෙන් දුටුවේ ඔබයි ගංගා
මා හැරදා අලුයම ඔබ වෙන්ව ගියා ගංගා..
මේ අයුරින් හැම දිනකම සිත සනහා ගංගා
වෙන්ව නොයා ජීවිතයේ අරුණ ඉවන්න ගංගා..
දිවි කතරට ගංගාවයි.. මට හමුවූ ගංගා
දිවි ඇතිතුරු මංග සරණට ඔබම වේය ගංගා..
දිවි ගමනේ ජය මාවත.. හඳුනා දුන් ගංගා
ඔබෙ සෙනෙහස නොලැබුණු දා මා තනිවෙයි ගංගා...