මා දෙස නෙත්‌ නොපියා බලාපූ(හිතුමතේ.. පාවෙනා)

Ma Desa Neth Nopiya Balapu Hithumathe

romesh sugathapala
මා දෙස නෙත්‌ නොපියා බලාපූ(හිතුමතේ.. පාවෙනා) Lyrics

මා දෙස නෙත්‌ නොපියා බලාපූ
හෙමිහිට බලාපොරොත්තු ගෙනාපූ
වැඩිපුර මාත්‌ එක්ක නොආපූ
මතකෙට සොඳුරු තැන්‌ ගොඩ ගසාපූ
ඔබ තවමත්‌ ඇය තමයි.. ඔබ තවමත්‌ ඇය තමයි
ඔබ තවමත්‌ ඇය තමයි.. මගෙ හිත හදාපූ

හිතුමතේ.. පාවෙනා හිත හැදෙයිලු
සිතිජයේ.. ගෑවිලා  මොකටද දුකයිලු
හිතුමතේ.. පාවෙනා හිත හැදෙයිලු
සිතිජයේ.. ගෑවිලා මොකටද දුකයිලු

පපුවට තුරුලු වී හිඳ හඬාපූ
ළංවී තොඳොල්‌ බස්‌ මට දොඩාපූ
හිත ළඟ හීනෙන්‌ නිදි වරාපූ
සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපූ
මට තවමත්‌ සුවඳ දෙයි.. මට තවමත්‌ සුවඳ දෙයි..
මට තවමත්‌ සුවඳ දෙයි.. මලකින්‌ හමාපූ

හිතුමතේ.. පාවෙනා හිත හැදෙයිලු
සිතිජයේ.. ගෑවිලා  මොකටද දුකයිලු
හිතුමතේ.. පාවෙනා හිත හැදෙයිලු
සිතිජයේ.. ගෑවිලා මොකටද දුකයිලු

තෙරෙන තෙරෙ තොම්.. තේරෙ තේරෙ තෙරෙනම්..
තෙරෙන තෙරෙ තොම්.. තේරෙ තෙරේ නම්..
තෙරෙනෙ තොම්.. තෙරෙනා නා
තෙරෙනෙ තොම්.. තෙරෙනා නා
තෙරෙනේ තොම්.. තෙරෙ නා නා..
තෙරෙ න නා නා...

Video thumbnail