නීල දෑසේ දුටුවා

Neela Dase Dutuwa Obe Preama Alingane

romesh sugathapala
නීල දෑසේ දුටුවා Lyrics

නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලිංගනේ
ගීත රාවේ දැනුණා සොඳුරු දෙහද රන්‌ සත්සරේ
මා හදේ.. වෙළෙනා..
ඔබ මගේ.. සිහිනේ පිරුණා
මිහිරාවියේ මාගේ..

නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලිංගනේ
ගීත රාවේ දැනුණා සොඳුරු දෙහද රන්‌ සත්සරේ
මා හදේ.. වෙළෙනා..
ඔබ මගේ.. සිහිනේ පිරුණා
මිහිරාවියේ මාගේ..

මුලකුරු ඔබයි මාගේ සෙනෙහසේ හෝඩියේ
පිංචිලා ලියවූ දිනේ..
සිත පෙම්‌ පුරන මං සොයන.. මා ජීවිතේ
අනිමි සේ බැඳුණා නිල්‌ නෙත්‌ යුග මා..
මා හදේ.. වෙළෙනා..
ඔබ මගේ.. සිහිනේ පිරුණා
මතකයන්‌ වාගේ..

හද වන උයන්‌ තෙරේ.. පිනූ රස පල වැලේ
ඔබ තමා නොඉඳුල්‌ පලේ..
රස සොයන බිඟු කැළක.. විස දළ තුඩින්‌
සඟවමී දිවිපුරා මාගේ ආදරේ..
මා හදේ.. වෙළෙනා..
ඔබ මගේ.. සිහිනේ පිරුණා
මතකයන්‌ වාගේ..

නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලිංගනේ
ගීත රාවේ දැනුණා සොඳුරු දෙහද රන්‌ සත්සරේ
මා හදේ.. වෙළෙනා..
ඔබ මගේ.. සිහිනේ පිරුණා
මිහිරාවියේ මාගේ...

Video thumbnail