ආදර මගෙ ජේසුනි.. Lyrics
ආදර මගෙ ජේසුනි.. කලකින් ඔබ අමතමී..
කොහොමද ඔබගෙ තතු.. සමිඳේ..
සිතු සිතු දේ මම කළා.. ඔබෙ දහමි ගුණ නසා..
අද ඔබ ළඟ වැඳ වැටී.. හඬමී..
මා හසුවි මාරුතේ.. මග වැරදි මාවතේ..
මේ ලියමන ලියමි මා.. සමිඳේ..
මහ කරුණා සාගරේ.. ඔබ පමණයි ආදරේ...
සැනසුම මට දෙන්නකෝ.. සමිඳේ..
ආදර මගෙ ජේසුනි.. කලකින් ඔබ අමතමී..
කොහොමද ඔබගෙ තතු.. සමිඳේ..
සිතු සිතු දේ මම කළා.. ඔබෙ දහමි ගුණ නසා..
අද ඔබ ළඟ වැඳ වැටී.. හඬමී..
ජේසුනි මම ආදරෙයි.. ඔබෙ පෙම ඊටත් වැඩියි..
සැමදා මම ණය ගැතියි.. ඔබට..
ඔබ දුන් හැමදේටමත්.. මට දුන් නැති දේ හටත්
තුනි පුදනෙමි ආදරෙන්.. සමිඳේ..
ආදර මගෙ ජේසුනි.. කලකින් ඔබ අමතමී..
කොහොමද ඔබගෙ තතු.. සමිඳේ..
සිතු සිතු දේ මම කළා.. ඔබෙ දහමි ගුණ නසා..
අද ඔබ ළඟ වැඳ වැටී.. හඬමී..