දේදුනු පාටයි මුහුණ ඔබේ

Dedunu Patai Muhuna Obe

rookantha gunathilake
දේදුනු පාටයි මුහුණ ඔබේ Lyrics

දේදුනු පාටයි මුහුණ ඔබේ
දිදුලන සමනලියේ
මුල්වර දුටු දින හිත ගත්තේ
ඒකයි සමනලියේ
අරුණෝදේ.. සුව දේ..

මල්‌ වල මී බිඳු වෑහෙන්නේ
ඔබටයි මල්‌ කුමරෝ
සීතල පිනි මත ඇවිදින්නේ මේ
ඔබටයි රන්‌ බඹරෝ
ඒ යාමේ.. හමුවී.. එක්වීලා.. ළංවීලා.. සැනසී..

වරල ඔබේ
ඇද හැලෙනා ඇල්ල වගේ

සුවඳ ඔබේ..
චන්දන අරණ වගේ

ආදර ලෝකෙට පායන සඳ ලෙස ඔබෙ වත දිලිසෙන්නේ
සාගර ජලයට වඩා වැඩී මගෙ ආදරේ ඔබට ප්‍රියේ
මගෙ ආදරේ ඔබට ප්‍රියේ..

කීව කතා
ඔබ මා ගැන සිහිවෙනවා

සිහින ලොවේ..
මම අහසේ පියඹනවා

ඔය අත ගන්නට සෙනෙහස දෙන්නට
මගෙ හිත ළතවෙනවා
ඔබ සනසන්නට සුව කැන්දන්නට
මා හනිකට එනවා
ළඳුනේ මා හනිකට එනවා..

දේදුනු පාටයි මුහුණ ඔබේ
දිදුලන සමනලියේ
මුල්වර දුටු දින හිත ගත්තේ
ඒකයි සමනලියේ
අරුණෝදේ.. සුව දේ..
පිණි වාගේ.. දිලිංසෙන්නේ.. නෙතගේ

මල්‌ වල මී බිඳු වෑහෙන්නේ
ඔබටයි මල්‌ කුමරෝ
සීතල පිණි මත ඇවිදින්නේ මේ
ඔබටයි රන්‌ බඹරෝ
මේ යාමේ.. හමු වී.. එක්වීලා..  ළංවීලා..සැනසී

Video thumbnail