මද සීත නල රැල්ල දැඟලිල්ල පා
කැළඹිල්ල දී.. දසත විසිරි ගියා
සිතුවිල්ල ඉතිරි
සැනසිල්ල පැතිරි
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා
ඔය බැල්ම දෙන කැල්ම සුර ගීත පා
සුරතල්ම බව පේන රහසක් කියා
දුක කැල්ම නැතිවි
සිත ඇල්ම මතුව්
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා..
සුදු සේල මිහිදුම්
අහසින් නැගී
නිල් ලෝකයේ
එළිය නොපෙනී වෙළී
සුදු සේල මිහිදුම්
අහසින් නැගී
නිල් ලෝකයේ
එළිය නොපෙනී වෙළී
මගෙ දෑස පාදන්න
ඔබෙ දෑස මට දෙන්න
ඔබ මාගෙ ජීවේ සදා..
ඔය බැල්ම දෙන කැල්ම සුර ගීත පා
සුරතල්ම බව පේන රහසක් කියා
දුක කැල්ම නැතිවි
සිත ඇල්ම මතුවි
පෙම් ලෝකයේ සුවඳ මුසුචී ගියා..
මගෙ දෑස ඔබ ගන්න
ඔය දෑත මට දෙන්න
යුග ගීත පවසන්නකෝ..
මගෙ දෑස ඔබ ගන්න
ඔය දෑත මට දෙන්න
යුග ගීත පවසන්නකෝ..
ලොව මිහිර නරඹන්න
මධු මීර රස බොන්න
ඔබ මාගෙ ජීවේ සදා..
මද සීත නල රැල්ල දැඟලිල්ල පා
කැළඹිල්ල දී.. දසත විසිරි ගියා
සිතුවිල්ල ඉතිරි
සැනසිල්ල පැතිරි
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා
ඔය බැල්ම දෙන කැල්ම සුර ගීත පා
සුරතල්ම බව පේන රහසක් කියා
දුක කැල්ම නැතිවි
සිත ඇල්ම මතුවී
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා...