මනලෝලී මනමාලියේ..

Manaloli Manamaliye

rookantha gunathilake
මනලෝලී මනමාලියේ.. Lyrics

මනලෝලී මනමාලියේ..
ඔය දැසේ කැල්මන්‌ වෙලා..
මාගෙ දෑතේ.. දැවටී ආවේ
පවසන්නදෝ ආදරේ...

කවදා හෝ සංසාරයේ..
එක්වීලා අතිනත්‌ වෙලා..
ආවා වගේ.. ඔබ මේ ආවේ
පවසාලා ප්‍රේමාදරේ...

මුව මදහාසේ.. ඔබ මට පෑවේ
විහිදා පෙම්‌ ආරාධනේ..
ඉඟියෙන්‌ වාගේ.. රහසින්‌ කීවේ
සැනසීමයි මේ ජීවිතේ..

ඔබ හිනැඟහේවී.. පුන්සඳ වාගේ
පායලා මාගේ ලොවේ..

මනලෝලී මනමාලියේ..
ඔය දැසේ කැල්මන්‌ වෙලා..
ආවා වගේ.. ඔබ මේ ආවේ
පවසාලා ප්‍රේමාදරේ...

ඇයිදෝ නොහැගේ.. ලෙන්ගතු වුයේ
ඔබ මා ළංවීලා මෙසේ..
ළතැවුල්‌ ජීවේ.. සංසිඳවුවේ
දෙනෙතේ දල්වාලා සෙනේ..

ඔබ සුව ගේනා.. සුවඳක්‌ වාගේ
පාවේවි මාගේ ලොවේ..

මනලෝලී මනමාලියේ..
ඔය දැසේ කැල්මන්‌ වෙලා..
මාගෙ දෑවතේ.. දැවටී ආවේ
පවසන්නදෝ ආදරේ...

කවදා හෝ සංසාරයේ..
එක්වීලා අතිනත්‌ වෙලා..
ආවා වගේ.. ඔබ මේ ආවේ
පවසාලා ප්‍රේමාදරේ...

Video thumbnail