සඳපාන වාගේ දිලෙන්නේ

Sanda Pana Wage Dilenne

rookantha gunathilake
සඳපාන වාගේ දිලෙන්නේ Lyrics

සඳපාන වාගේ දිලෙන්නේ
ඔබමයි හදේ හි රැඳෙන්නේ
නිල්‌ විල්‌ ජලාසේ.. හංසිය විලාසේ..
මා හද විලේ සැරිසරන්නේ..

සඳපාන වාගේ දිලෙන්නේ
ඔබමයි හදේ හි රැඳෙන්නේ

මල්‌ මාවතේ සැරිසරා ලා
නැලවුණු ළඳේ තුරුළු වීලා
සමනල්ලු කෝ අද ගිහිල්ලා..
මල්‌ ගොමුවේ නෑ මල්‌ පිපීලා..

ඔබ නේන මේ බිම් තලාවේ
පාළුව හඬයි  රෑ දවාලේ
කවදාක භහෝ යළි සිනාසෙයි ආයේ
ආවා කියා පෙම්බරාවී
හද වේදනාවන්‌ නිවේවී

සඳපාන වාගේ දිලෙන්නේ
ඔබමයි හදේ හි රැඳෙන්නේ
නිල්‌ විල්‌ ජලාසේ.. හංසිය විලාසේ..
මා හද විලේ සැරිසරන්නේ..

සඳපාන වාගේ දිලෙන්නේ
ඔබමයි හදේ හි රැඳෙන්නේ

නිල්වන්‌ ගැබේ හි පියාඹා
එන්නම්‌ ප්‍රියේ ඔබ සොයාලා
සිඳලන්න මේ කඳුළු ගංගා..
හද වේදනා මදිද වින්දා..

යළි මාවතේ මල්‌ පිපීලා
සමනල්ලු රෑනේ පිරිලා
ඔබ මා ළඟින්‌ ඉන්නවා නම්‌ ආයේ
මල්‌ මී වසන්තේ උදාවී
හද වේදනාවන්‌ නිවේවී

සඳපාන වාගේ දිලෙන්නේ
ඔබමයි හදේ හි රැඳෙන්නේ
නිල්‌ විල්‌ ජලාසේ.. හංසිය විලාසේ..
මා හද විලේ සැරිසරන්නේ..

සඳපාන වාගේ දිලෙන්නේ
ඔබමයි හදේ හි රැඳෙන්නේ...

Video thumbnail