සෙනෙහස දෙවොලකි පුද නොහැකී
ඔබ නමටයි ඒ දෙවොල හිමි
ආයාචනයට මසිත ගැයූ
ඔබ දෙසවන් ඇයි අගුලු වැටී
සෙනෙහස දෙවොලකි පුද නොහැකී
ඔබ නමටයි ඒ දෙවොල හිමි
ආයාචනයට මසිත ගැයූ
ඔබ දෙසවන් ඇයි අගුලු වැටී
සසරන් සසරට එකට බැඳි
මෙතුවක් ආ මග අද නැවතී
සසරන් සසරට එකට බැඳි
මෙතුවක් ආ මග අද නැවතී
ආදරයට හිමි කඳුළු බිඳූ
සාගරයට මුසු වේද මතූ
සෙනෙහස දෙවොලකි පුද නොහැකී
ඔබ නමටයි ඒ දෙවොල හිමි
ආයාචනයට මසිත ගැයූ
ඔබ දෙසවන් ඇයි අගුලු වැටී
කඳුළට සුසුමට ලෙන්ගතු වී
සැනසෙන්නද මා කෙලෙස යළී
කඳුළට සුසුමට ලෙන්ගතු වී
සැනසෙන්නද මා කෙලෙස යළී
ජීවිතයම එක රැයක දුටූ
සිහිනෙකි ප්‍රේමය බිඳුණු පසූ
සෙනෙහස දෙවොලකි පුද නොහැකී
ඔබ නමටයි ඒ දෙවොල හිමි
ආයාචනයට මසිත ගැයූ
ඔබ දෙසවන් ඇයි අගුලු වැටී
සෙනෙහස දෙවොලකි පුද නොහැකී
ඔබ නමටයි ඒ දෙවොල හිමි
ආයාචනයට මසිත ගැයූ
ඔබ දෙසවන් ඇයි අගුලු වැටී
ඔබ දෙසවන් ඇයි අගුලු වැටී
ඔබ දෙසවන් ඇයි අගුලු වැටී...