සුවඳ දෙන මල්‌ වනේ.. බිඟුන්‌ බැඳිලා

Suwanda Dena Mal Wane

rookantha gunathilake
සුවඳ දෙන මල්‌ වනේ.. බිඟුන්‌ බැඳිලා Lyrics

සුවඳ දෙන මල්‌ වනේ.. බිඟුන්‌ බැඳිලා
කඳුළු බිඳු නිල්‌ නුවන්‌.. පුරා රැඳිලා
ඔබේ ළමැදේ.. සෙනේ මැදුරේ.. සුසුම්‌ නැගිලා..
සුවඳ දෙන මල්‌ වනේ.. බිඟුන්‌ බැඳිලා
කඳුළු බිඳු නිල්‌ නුවන්‌.. පුරා රැඳිලා

මේ නුරා සැඳෑ කළේ සෝ සුසුම්‌ හෙලා
ඈත තාරකා දිහා නිල්‌ නුවන්‌ යොමා
ඒ ඔබේ සුපෙම්වතා එවිදෝ බලා
නෑ පලේ තැවී හඬා වේදනා දරා
වේදනා දරා..

සුවඳ දෙන මල්‌ වනේ.. බිඟුන්‌ බැඳිලා
කඳුළු බිඳු නිල්‌ නුවන්‌.. පුරා රැඳිලා

මේ ලොවේ දිනු අපේ ජීවිතේ කෙටී
කාලයේ රහස්‌ වසා ජීවිතේ ගලයි
මේ කුළුත්‌ පියා සලා කුළින්‌ කුළේ රැඳෙයි
ආදරේ අමා හැඟුම්‌ මා සිතේ නැඟෙයි
මා සිතේ නැඟෙයි..

සුවඳ දෙන මල්‌ වනේ.. බිඟුන්‌ බැඳිලා
කඳුළු බිඳු නිල්‌ නුවන්‌.. පුරා රැඳිලා
ඔබේ ළමැදේ.. සෙනේ මැදුරේ.. සුසුම්‌ නැගිලා..
සුවඳ දෙන මල්‌ වනේ.. බිඟුන්‌ බැඳිලා
කඳුළු බිඳු නිල්‌ නුවන්‌.. පුරා.. රැඳිලා...

Video thumbnail