හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රිය පොළ පෙම්වතුන්ගේ සරසවි උයන
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා වනතුරු මග බලයි හැම දින
මලක නැවුම් සුවඳ පිරුණ සොඳුරු මද නළ
ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන
සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම..
ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන
ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන
හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රිය පොළ පෙම්වතුන්ගේ සරසවි උයන
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා වනතුරු මග බලයි හැම දින
නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉන්න කඳුළට..
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම
හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රිය පොළ පෙම්වතුන්ගේ සරසවි උයන
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා වනතුරු මග බලයි හැම දින
අපි දෙන්නා වනතුරු මග බලයි හැම දින
අපි දෙන්නා වනතුරු මග බලයි හැම දින...